ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් 02ක් ගොනුකර තිබෙනවා.

නීතිඥ එකමුතුව වෙනුවෙන් ආචාර්ය දීපිකා උඩුගම විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලිසිය සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබා දී තිබෙන බවයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනයවන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමය ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24