ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජනපති එම්මානුවෙල් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි

රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එළඹෙන ජූලි මස 26 වන දා සිට අගෝස්තු 11 වන දා දක්වා ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කිරීමට ජනපතිවරයා කටයුතු යොදමින් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රුසියාවේ ක්‍රොකස් ශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රංශයේ එවැන්නක් සිදුවීමට ඉඩ නොතැබීමේ අරමුණින් ජනපති මැක්‍රොන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තවදුරට ත් සඳහන් කර සිටිනවා.

ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලිය ආසන්න වන විට මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශ නගරවලට පැමිණීමට නියමිතයි.

එම සංචාරක ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයන් ඇතුළු සියලු ම දෙනාගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වන මොහොතක ප්‍රංශය මෙසේ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29