spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජනපති එම්මානුවෙල් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි

රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එළඹෙන ජූලි මස 26 වන දා සිට අගෝස්තු 11 වන දා දක්වා ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කිරීමට ජනපතිවරයා කටයුතු යොදමින් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රුසියාවේ ක්‍රොකස් ශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රංශයේ එවැන්නක් සිදුවීමට ඉඩ නොතැබීමේ අරමුණින් ජනපති මැක්‍රොන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තවදුරට ත් සඳහන් කර සිටිනවා.

ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලිය ආසන්න වන විට මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශ නගරවලට පැමිණීමට නියමිතයි.

එම සංචාරක ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයන් ඇතුළු සියලු ම දෙනාගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වන මොහොතක ප්‍රංශය මෙසේ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?