ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා පාකිස්තානය අරමුදල් සපයනවා-හිටපු තලේබාන් නායකයෙකු හෙළි කරයි

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා  පාකිස්තානය, සිරියාවේ IS සංවිධානය සහ ඉරාකය “ඛොරසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍යය” හෙවත්  ISKP සංවිධානය වෙත අරමුදල් සපයා ඇති බව හිටපු තලේබාන් නායකයෙකු හෙළි කර තිබෙනවා.

ඒ  බව වාර්තා කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක සහ දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන් කටයුතු කරන ඇෆ්ගන් ඇනලිස්ට් සංවිධානයයි.

ISKP සංවිධානයේ හිටපු ආරම්භක සාමාජිකයෙකු වන ෂෙයික් අබ්දුල් රහීම් මුස්ලිම්ඩෝස්ට් තලේබාන් හිතවාදී අල්-මර්සාද් මාධ්‍යය සමඟ නවතම සම්මුඛ සාකච්ඡාවකදී මෙ⁣ම හෙළිදරව්ව සිදු කර තිබෙනවා.

ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ  ඇෆ්ගන් ඇනලිස්ට් සඳහන් කර තිබුණේ පකිස්ථානය,ඉරාකය සහ සිරියාවේ IS සංවිධානය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බව ISKP හි මූල්‍යකරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුස්ලිම්ඩෝස්ට් ප්‍රකාශ කර ඇති බවයි.

2015 වසරේදී ලෂ්කාර්-ඊ-ටයිබා විසින් ISKP වෙත පාකිස්තාන රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 
අනෙක් අරමුදල් මූලාශ්‍ර උපුටා දක්වමින් මුස්ලිම්ඩෝස්ට් පැහැදිලි කළේ පැහැරගැනීම් හරහා කප්පම් ගැනීම ත්‍රස්තවාදී අරමුදල් සැපයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් බවයි.

2014 අග භාගයේදී ඉස්ලාමීය රාජ්‍ය(ISKP) කණ්ඩායමට පක්ෂපාතී බවට දිවුරුම් දුන් පළමු ඇෆ්ගන් ජාතිකයා තමා නොවන බවත්, මදීනාහි ඉස්ලාමීය අධ්‍යයනයෙන් උපාධිය ලබා ඇති හෙල්මන්ඩ්හි මවුලානා ඉඩ්‍රිස් පළමවැන්නා බවත් ෂෙයික් අබ්දුල් රහීම් මුස්ලිම්ඩෝස්ට් පැහැදිලි කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කාබුල්හි පකිස්ථාන තානාපති කාර්යාලය වෙත ISKP විසින් ප්‍රහාර එල්ල කළේ මන්දැයි යන පැනයට මුස්ලිම්ඩෝස්ට් පැවසුවේ එම ප්‍රහාරය හුදෙක් නාට්‍යයක් පමණක් බවයි.

“තානාපතිවරයාට කිසිදු අනතුරක් සිදු වුණේ නැහැ. තුවාල ලැබුවේ ආරක්ෂකයෙකු පමණයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ISKP කණ්ඩායමට සුදුහුණු ගෑමයි.”යැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48