spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තහනම ගැන අධිකරණයට කරුණු කියන්න මෛත්‍රී සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම ලබන 18 වනදා දක්වා අත්හිටුවමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ.

ඒ මහතා මෙම අදහස් පළකළේ අද (04) දින කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ කුමන අභියෝග පැමිණියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු තම පිරිස සිදුකරන බවයි.

එමෙන්ම ඉදිරියේදී එක් පැත්තකින් අධිකරණයට කරුණු ප්‍රකාශ කිරීම මෙන්ම ජනතාවට නිවැරදි තත්ත්වය කුමක් ද යන්න පැහැදිලි කිරීමට බලාපොරොත්තුවන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?