තහනමින් පසු ධනුෂ්ක ෆේස්බුක් ඇවිත් (ඡායාරූප)

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයක් විසින් යළි අවසර ලබාදීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නිල ෆේස්බුක් පිටුව භාවිත කිරීම අරඹා තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව මීට ටික වේලාවකට පෙර යාවත්කාලින වී තිබූ අයුරු දැකගත හැකි වුණා.

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි දෙකක් ලිහිල් කිරීමට සිඩ්නි නුවර ඩෝනිං සෙන්ටර් අධිකරණය පසුගිය දා පියවර ගත්තා.

ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ එමා සුලිවාන් විසින් ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමේ අභියාචනාව එහිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එය සලකා බැලූ මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් ධනුෂ්කට වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කිරීමටත්, රාත්‍රී කාලයේ නවාතැනින් පිටතට යෑමටත් අවසර ලබා දුන්නා.

මහේස්ත්‍රාත්වරිය මේ තීන්දුව ගනු ලැබුවේ ඇප කාලසීමාව ඇතුළත ධනුෂ්ක යහපත් කල්ක්‍රියාවෙන් පසු වූ බවට ලද වාර්තාවකට අනුවයි.

කෙසේ වෙතත් ඔහුට ටින්ඩර් ඇතුළු ඩේටිං ඇප් භාවිතය තව දුරටත් තහනම් කර තිබෙනවා.

2 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32