spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තහනමින් පසු ධනුෂ්ක ෆේස්බුක් ඇවිත් (ඡායාරූප)

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයක් විසින් යළි අවසර ලබාදීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නිල ෆේස්බුක් පිටුව භාවිත කිරීම අරඹා තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව මීට ටික වේලාවකට පෙර යාවත්කාලින වී තිබූ අයුරු දැකගත හැකි වුණා.

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි දෙකක් ලිහිල් කිරීමට සිඩ්නි නුවර ඩෝනිං සෙන්ටර් අධිකරණය පසුගිය දා පියවර ගත්තා.

ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ එමා සුලිවාන් විසින් ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමේ අභියාචනාව එහිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එය සලකා බැලූ මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් ධනුෂ්කට වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කිරීමටත්, රාත්‍රී කාලයේ නවාතැනින් පිටතට යෑමටත් අවසර ලබා දුන්නා.

මහේස්ත්‍රාත්වරිය මේ තීන්දුව ගනු ලැබුවේ ඇප කාලසීමාව ඇතුළත ධනුෂ්ක යහපත් කල්ක්‍රියාවෙන් පසු වූ බවට ලද වාර්තාවකට අනුවයි.

කෙසේ වෙතත් ඔහුට ටින්ඩර් ඇතුළු ඩේටිං ඇප් භාවිතය තව දුරටත් තහනම් කර තිබෙනවා.

2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?