තව සති දෙකකින් රටේ ජනතාවට බලපෑ හැකි දෙයක් ගැන ඉඟියක්

තව සති දෙකක් ඇතුළත රටේ හාල් හිඟයක් ඇතිවීම වැළැත්විය නොහැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

හාල් සහ වී අතර ආණ්ඩුව බරපතළ විකෘතියක් නිර්මාණය කොට ඇති බවත්, ඒ හේතුවෙන් මෙම ප්‍රතිපලය දකින්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

රට විවෘත කළ සැණින් මේ තත්ත්වය මතුවන බවද ඒ මහතා පැවසීය.