තව ලකුණු 25ක් 30ක් තිබුණා නම් තීරණය වෙනස් වෙන්න තිබ්බා

ශ්‍රී ලංකාව සමඟ ඊයේ (24) පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් එංගලන්තය තරග තුනකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස සම කරන්නට සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 03ක් තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 219ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 220ක ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දුවාර 46යි පන්දු 02ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර ගොස් තරගය ජයගත්තා.

මේ අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී එංගලන්ත නායකයා විසින් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 41ක් යැවීමට දඟ පන්දු යවන්නන් යොදාගෙන තිබීම විශේෂයක් වුණා.

එමෙන්ම එංගලන්ත ඉනිමේ යැවූ පන්දුවාර 46.2 තුළ පන්දුවාර 35ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් යවා තිබුණා.

මේ අතර තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා සඳහන් කළේ තවත් 25ක් 30ක් පමණ ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන තිබුණේ නම් තරගයේ තීරණය වෙනස් වීමට තිබූ බවයි.

වැඩිදුරටත් දහස් දැක්වූ ධනංජය ද සිල්වා

“අන්තිම ඕවර්ස් 10ට අපි හරි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ. මම හිතන්නේ අන්තිමට තරගය හරියට ඉවර කරගන්න බැරි වුණා පිතිකරුවන්ට, මගේ මතයේ හැටියට මම හිතන්නේ අපිට ලකුණු 25ක්‌ 30ක් වගේ මදි වුණා. තණතීරුවේ දඟ කැවීම මම හිතන විදියට කලින් තරගයේ වගේමයි තිබ්බේ. නමුත් තණතීරුවේ දවල් වෙලාවේ ටිකක් ස්ලෝ ගතියක් තිබ්බා. රෑ වෙනකොට පන්දුව ටිකක් පිත්තට ආවා කියලා හිතනවා.
ලකුණු ගහන්න ගැප්ස් තියෙන්නේ ඕනි ඒ ගැප්වලට ගහන්න බැරි වෙන ආකාරයට එයාලා පන්දු යැව්වා. ගොඩාක් පේස් එක අඩු කරලා එයාලා පන්දු යැව්වේ දැක්කනම් තේරෙයි 60-70 ගණන් වල තමයි පේස් එක තිබ්බේ එතකොට ක්‍රොස් බැට් ෂොට්ස්වලට යන්න අමාරුයි. ඒ නිසා අපි බැලුවේ ඉස්සරහා පස්සට ගහලා ලකුණු ගන්න. ජෝ රූට් පන්දු යවන්නන් ලුස් බෝල දානකන් හිටියා ගොඩක් වෙලාවට බවුන්ඩ්රීස් ගහන්න එයා රිස්කි ෂොට්ස් සෑහෙන්න අඩු කරලා තමයි සෙල්ලං කළේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56