තවත් 771ක් යුක්තියේ දැලට කොටුවෙයි

ගතවූ පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුම මගින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඉන් සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර එක් අයෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (13) අලුයම 12.30 සිට අද අලුයම 12.30 දක්වා කාලය තුළ සිදු කළ මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 07 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 26 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

මෙහිදී හෙරොයින් 192ක්, අයිස් ග්‍රෑම් 101ක්, ගංජා කිලෝ 27යි ග්‍රෑම් 259ක්, ගංජා පැල 23933ක්, ඈෂ් මිලිග්‍රෑම් 268ක්, මාවා ග්‍රෑම් 197ක්, තුල් ග්‍රෑම් 27ක්, මදන මෝදක ග්‍රෑම් 140ක් සහ මත්පෙති 10611ක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර අද (14) සිට යුක්තිය මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසට සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පරීක්ෂකවරුන් (HQIs) සහ අපරාධ අංශ භාර ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව අවශ්‍ය සැකකරුවන් ඉදිරි මාසය තුළ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් යොදවන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලුම අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කර ඇත්තේ.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42,248කගේ ලැයිස්තුවක් ද දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථානවල අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සිදු කෙරෙන අතරවාරයේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසටයි එමගින් දැනුම්දී ඇත්තේ.

විවෘත වරෙන්තු සහිත පුද්ගලයන් 35,505ක්, ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අවශ්‍ය සැකකරුවන් 4,258ක් සහ පසුගිය වසර දෙක තුළ රට තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් 2,485ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අමතරව දිවයින පුරා අපරාධ ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් යොදන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22