spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් ” එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන එනු ලැබුවා.

කිලෝග්‍රෑම් 1,818 ක් බරැති පෙට්ටි 53 ක අසුරා ඇති මෙම එන්නත් තොගය, මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දීන අලුයම 01.55 ට මෙම එන්නත් තොගය රැගෙන විත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?