තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් ” එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන එනු ලැබුවා.

කිලෝග්‍රෑම් 1,818 ක් බරැති පෙට්ටි 53 ක අසුරා ඇති මෙම එන්නත් තොගය, මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දීන අලුයම 01.55 ට මෙම එන්නත් තොගය රැගෙන විත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එම නිවසේ නවතම ද‍ර්ශන
01:04
Video thumbnail
නාමල් ආණ්ඩුවට දීපු දීමෙන් චානකට හොඳටම හිනා
11:15
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන කළින්ම බුද්ධි තොරතුරු ලැබිලා..?
07:22
Video thumbnail
"මම ඩොක්ටර් නිසා මට හිරේ ටොයිලට් එකේ නිදාගන්න කිව්වා"
01:22
Video thumbnail
ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්නකෝ
20:10
Video thumbnail
අධිකරණයේ සවාධීනත්වයට අපි කිසිසේත් අත තියලා නෑ
04:35
Video thumbnail
එක දවසක් හිරේ ඉඳලා බලන්න - අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
07:34
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23