spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් හිස නැති මළ සිරුරක් හමුවෙයි – මෙවර බිල්ල තරුණයෙක්

හිස කඳින් වෙන් කළ මළ සිරුරක් ඇහැළියගොඩ ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.

ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයේ මාර්ගයක් අසළින් හමු වී ඇති මෙම සිරුර අවිස්සාවේල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

ඔහු 24 හැවිරිදි වියේ පසුව ඇති බව සඳහන්.

හිස නොමැති මළ සිරුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ දී සිරුරට මීටර 100ක් පමණ දුරින් තිබූ බෑගයක් හමු වූ බව පොලීසිය පවසනවා.

පසුව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සිරුරෙන් වෙන් කළ හිස එම බෑගය තුළ ඇති බවට යි.

මෙම තරුණයාට මීට වසරකට පමණ පෙර ඝාතන චෝදනා එල්ල වී තිබූ බව පැවසෙනවා.

ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක්ද  විභාග වෙමින් පැවති බව යි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?