තවත් හිස නැති මළ සිරුරක් හමුවෙයි – මෙවර බිල්ල තරුණයෙක්

හිස කඳින් වෙන් කළ මළ සිරුරක් ඇහැළියගොඩ ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.

ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයේ මාර්ගයක් අසළින් හමු වී ඇති මෙම සිරුර අවිස්සාවේල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

ඔහු 24 හැවිරිදි වියේ පසුව ඇති බව සඳහන්.

හිස නොමැති මළ සිරුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ දී සිරුරට මීටර 100ක් පමණ දුරින් තිබූ බෑගයක් හමු වූ බව පොලීසිය පවසනවා.

පසුව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සිරුරෙන් වෙන් කළ හිස එම බෑගය තුළ ඇති බවට යි.

මෙම තරුණයාට මීට වසරකට පමණ පෙර ඝාතන චෝදනා එල්ල වී තිබූ බව පැවසෙනවා.

ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක්ද  විභාග වෙමින් පැවති බව යි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14