තවත් සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින් 582කට පත්වීම්

ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින් 582 දෙනෙක්ට දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේදී (Tower Halle) සිදු කෙරුණා.

මෙම පත්වීම්ලාභී 582 කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නවක පත්විම්ලාභීන් සෞඛ්‍ය සේවාව සඳහා සුහඳව පිළිගන්නා බවත් අයදුම්පත් 92,000 ක් අතරින් සුදුසුකම් ලත් අයදුම්කරුවන් 89,000 ආසන්න ප්‍රමාණයක් අතරින් පළමු කණ්ඩායම ලෙස පළමු අදියර යටතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 පත්වීම් ලබාදීමට කටයුතු කරන ලද බවත් පවසා සිටියා.

දෙවන අදියර යටතේ අද 582 කට පත්වීම් ලබාදීමත් සමග සෞඛ්‍ය කාර්ය සහායකයින් 1209 කට පත්වීම් ලබා දී අවසන් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

දුෂ්කර ගමන් මඟක අභීයෝග රැසක් මැද පැමිණි ගමනක ප්‍රතිඵලයක් ලෙස මෙම පත්විම් ලබාදීම සිදු කරන බවත්, මෙම රාජකාරියට නැවැරදිව බැදීසිටීමට හා රාජකාරියෙන් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වයෙන් යුත් සේවාවක් ජනතාවට ලබාදීමට පත්වීම්ලාභීන්ට වගකීමක් වන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන කේ.පී. යේගචන්ද්‍ර, චාමික එච් ගමගේ මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46