තවත් සයිනොෆාම් මාත්‍රා ‘විසි තුන් ලක්ෂයක්’ දිවයිනට

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියා.

මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා විසි ලක්ෂයක් , ශ්‍රී ලංකාව මිලදී ගත් ඒවා වන අතර චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් ද මෙම ගුවන් යානයෙන් රැගෙන විත් තිබෙනවා.