තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (04) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

ඒ අනුව චීනය විසින් මේ දක්වා එන්නත් මාත්‍රා මිලියන 22ක් මෙරටට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවයි.