තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යන මෙරට 60 වන ශ්‍රමික කණ්ඩායම සඳහා ගුවන් ටිකට් පත් බාර දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති චාම් උත්සවයකදී යි. ඔවුන් ලබන 13 වනදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේදී ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව මෙරට තරුණ පිරිසට ඊශ්‍රායලයේ සාත්තු සේවකයින් ලෙස රැකියාවට යාමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ අප්‍රේල් මස 28 වෙනිදා සිට මේ වන විට ශ්‍රී ලාංකිකයින් 372ක් සාත්තු සේවය සදහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම වසර තුල ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000ක් සඳහා වන රැකියා කෝටාවක් ලබාදීමටයි ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය එකගත්වය පළකර ඇත්තේ.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා හිමිවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණයි.

ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු භාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙසටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම්දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32