spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යන මෙරට 60 වන ශ්‍රමික කණ්ඩායම සඳහා ගුවන් ටිකට් පත් බාර දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති චාම් උත්සවයකදී යි. ඔවුන් ලබන 13 වනදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේදී ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව මෙරට තරුණ පිරිසට ඊශ්‍රායලයේ සාත්තු සේවකයින් ලෙස රැකියාවට යාමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ අප්‍රේල් මස 28 වෙනිදා සිට මේ වන විට ශ්‍රී ලාංකිකයින් 372ක් සාත්තු සේවය සදහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම වසර තුල ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000ක් සඳහා වන රැකියා කෝටාවක් ලබාදීමටයි ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය එකගත්වය පළකර ඇත්තේ.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා හිමිවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණයි.

ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු භාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙසටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම්දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?