තවත් වෙඩි තැබීමකින් 3 දෙනෙකු රෝහලට

වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වන බව සඳහන්.

ජල නළ එලීමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීම ෂොට්ගන් වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර අද පෙරවරු 07න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වෙඩි තැබීමේ සිදුවීම් තුනක් වාර්තා වී තිබුණා.

කොස්ගොඩ, කොට්ටාව සහ හෝමාගම ප්‍රදේශවලදීයි මෙම වෙඩි තැබීම් සිදු වූයේ.

අද (21) අලුයම කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී එක් වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී මරණයට පත්වූයේ 52 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු නිවස ඉදිරිපිට සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළාගොස් තිබුණා.

තුවාලකරු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

මේ අතර කොට්ටාව නගරය ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි අයෙක් මරණයට පත්වුණා.

සැකකරුවන් වෙඩි තබා පළාගොස් ඇති අතර තුවාලකරු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මරණයට පත්වූයේ. මියගිය පුද්ගලයා එම වෛද්‍ය රසායනාගාරයේම සේවය කළ අයෙක්.

එම වෙඩි තැබීමට ද පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර හෝමාගම නියඳගල ප්‍රදේශයේ දී නිවසේ සිටි පුද්ගලයෙකුට ඊයේ (20) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.

ඔහු නියඳගල ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12