තවත් විශාල ඖෂධ වංචාවක් ගැන උසාවියේ දී හෙළිවෙයි

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝගොබියුලින් එන්නත් මිලදී ගැනීමේ දී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමක දී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා විසින් ඊයේ (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කරනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියේ ඒ පිළිබඳව පරික්ෂණයක් කිරිමට අල්ලස් ⁣හෝ දූෂණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළා.

එහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, “ලැක්ටියුලෝස්” නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවය.

“ස්වාමිනී, ලැක්ටියුලෝස් 120 ml කියන සිලින්ජරය වෛද්‍ය සැපයුම් අංශයට සපයන්න මෙඩිකොම් කියන ආයතනය වසර 05කට ගිවිසුම්ගත වී තිබෙනවා. නමුත් එම ආයතනය සතු ඖෂධ සැපයීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වීම නිසා, 2023 වසරේ යම් කාලයකට ඖෂධය සැපයීමට ඔවුන්ට නොහැකි වනවා. එම සමාගම එවකට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකට දැනුම් දී තිබුණේ අදාළ ඖෂධ සිලින්ජර කුප්පියක් රුපියල් 1,408කට ලබාදිය හැකි අතර, ලියාපදිංචි සහතිකය හැකි ඉක්මණින් සකස් කරගන්නා බවටයි. එසේ තිබියදීත් වෛද්‍ය සැපයුම් අංශය එක් එන්නත් සිලින්ජරයක් රුපියල් 2,490 බැගින් ලබාගැනීම සඳහා ටෙන්ඩරය නිව්ජන් නැමැති වෙනත් සමාගමකට ලබාදෙනවා. එලෙස එන්නත් සිලින්ජර 90,000ක් සඳහා ටෙන්ඩරය ලබාදීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 97.3ක්. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමුකර විමර්ශනයක් ආරම්භ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.

මේ අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයුම්කරු වන සුදත් ජානක වෙනුවෙන් නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සිය විරෝධය පළ කළා.

“ස්වාමීනි, මෙම සැකකරුට ඇප ලබාදීමට මම තරයේ විරුද්ධයි. ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යා ආයතනයට ගොස් ඒ වනවිට එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු, කිසිඳු නීත්‍යානුකූල නියෝගයක් නොමැතිව බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ස්වාමීනි,මෙය දැඩි සැකයට තුඩුදෙන හේතුවක්. මොකද, මෙම සැකකරු නිදහස් කරගැනීමට විශේෂ උනන්දුවක් දක්වන කිනම් හෝ පුද්ගලයෙක් සිටින බව පේනවා. සැකකරු ටියුලිප් බෑග්වලින් අරගෙන ගිය ලක්ෂ 1444කට සිදුවූ දෙය තවම හොයාගන්න බැහැ. අපි ඒ ගැන තවදුරටත් විමර්ශනය කරනවා. සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යා ආයතනයෙන් පිටතට ගැනීම ගැනත් විමර්ශනයක් කළ යුතුයි. එමනිසා මොහුව ඇප මත මුදා නොහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔක්තෝබර් 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41