තවත් ලෙඩක්! මේ රෝග ලක්ෂණ ඇත්නම් රෝහලට යන්න!!

උණ, මස්පිඬු වේදනාව, හිසරදය, ඇස් තද රතු පැහැවීම, වමනය, මුත්‍රා තද කහ පැහැවීම, මුත්‍රා සමග ලේ යෑම, මුත්‍රා යෑම අඩුවීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

ඒ මෙරට තුළ මී උණ රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

2021 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් මී උණ රෝගින් 2760 දෙනකු වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි මාසයේ රෝගින් 496 දෙනකු ද, පෙබරවාරි මාසයේ මී උණ රෝගීන් 487දෙනකු ද, මාර්තු මාසයේ රෝගින් 797 දෙනකු ද, අප්‍රේල් මාසයේ රෝගීන් 725 දෙනකු ද, මැයි මාසයේ රෝගීන් 247 දෙනකු ද සහ ජූනි මස ගතවූ දින හයට රෝගීන් 9 දෙනකු ද වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි සඳහන් වන්නේ