spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් රක්ෂිතයක සූක්ෂමව වැවූ ගංජා පැළ 6,226ක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මව්ආර රක්ෂිතයේ ඉතා සූක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්හට කිරින්ද නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව හම්බේගමුව පොලිස් වසමේ කෝංගහමඩකන්ද, මව්ආර රක්ෂිතයේ, අලුත් වැව ප්‍රදේශයේදීයී ඊයේ (30) දින මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහි දී ඉතා සූක්ෂම ලෙස වගාකර තිබු ගංජා ගස් 6,226ක් සහිත ගංජා හේනක් සමඟ වයස අවුරුදු 44ක් වු වීරව්ල, නවනගරයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඩි 09යි අඟල් 02ක් වන ගංජා ගස් 10ක් සමඟ එම පුද්ගලයා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර තිබෙනවා.

උඩවලව විශේෂ කාර්ය බලකාය අඛණ්ඩවම මෙම ගංජා වගාන් සම්බන්ධ වැටලීමි සිදු කරනු ලබන අතර නවීන ඩ්‍රොන තාක්ෂණය ද ඒ සඳහා භාවිතා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?