තවත් රක්ෂිතයක සූක්ෂමව වැවූ ගංජා පැළ 6,226ක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මව්ආර රක්ෂිතයේ ඉතා සූක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්හට කිරින්ද නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව හම්බේගමුව පොලිස් වසමේ කෝංගහමඩකන්ද, මව්ආර රක්ෂිතයේ, අලුත් වැව ප්‍රදේශයේදීයී ඊයේ (30) දින මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහි දී ඉතා සූක්ෂම ලෙස වගාකර තිබු ගංජා ගස් 6,226ක් සහිත ගංජා හේනක් සමඟ වයස අවුරුදු 44ක් වු වීරව්ල, නවනගරයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඩි 09යි අඟල් 02ක් වන ගංජා ගස් 10ක් සමඟ එම පුද්ගලයා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර තිබෙනවා.

උඩවලව විශේෂ කාර්ය බලකාය අඛණ්ඩවම මෙම ගංජා වගාන් සම්බන්ධ වැටලීමි සිදු කරනු ලබන අතර නවීන ඩ්‍රොන තාක්ෂණය ද ඒ සඳහා භාවිතා කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34