තවත් මෙවැනි ලියුම් එව්වොත් සියලු රහස් එළියට දානවා

සමගි ජන බලවේගයේ විනය කමිටුව විසින් තමාට එරෙහිව විනය පියවර ගැනීමට ගියහොත් හෝ තමන් වෙත අනිසි බලපෑම් කිරීමට උත්සාහ කළහොත් සේනක ද සිල්වා වන තම සැමියා ලබාදුන් වත්මන් සමගි ජන බලවේගය පක්ෂය සතුව පවතින, ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකි නීතිමය සහ වෙනත් රහස් තොරතුරු ජනතාව හමුවේ හෙළි කිරීමට හා තම පක්ෂයේ අයිතිය වෙනුවෙන් අධිකරණය හමුවේ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඇය මේ බව සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී ඇත්තේ පසුගිය 10 වන දා සමගි ජන බලවේගයේ විනය කමිටුවේ සුදත් වික්‍රමරත්න මහතා විසින් ඇයට එරෙහිව විනය කඩ කිරීමක් පිළිබඳව එවා තිබූ ලිපියකට ප්‍රතිචාර දක්වමිනුයි.

එහි දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව ඡන්දය ලබා දෙන මෙන් සමගි ජන බලවේගය විසින් පක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙකුටම “ත්‍රිත්ව ඉරි නිවේදනයක්” මගින් දැනුම් දී තිබියදී විසිවන සංශෝධනය දෙවන වර හා තෙවන වර කියවීමේ විවාදයේදී එයට පක්ෂව ඡන්දය ලබා දීම පක්ෂයේ විනය කඩකිරීමක් ලෙස එම ලිපියේ දක්වා තිබී ඇති අතර සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා.

මෙයට ප්‍රතිචාර දක්වමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ තම සැමියාගේ පක්ෂය ලබා ගැනීමේ දී ඇති කර ගත් රහස් එකගතා කඩ කරමින් මෙවැනි ලිපි තවදුරටත් තමන් වෙත යොමු කළහොත් ඊට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බවයි.

තම තමන්ට මෙවැනි චෝදනා එල්ල කළහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධූරය සහ සමගි ජන බලවේගය පක්ෂය පවා අහිමි විය හැකි බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මෙයින් පෙන්වා දී තිබෙනවා.

එම නිසා තවත් මෙවැනි විහිළු සහගත ලිපි “විනය කරුණු” යන ශීර්ෂ පාඨය යටතේ තමා වෙත නොඑවන ලෙසත් එසේ ලැබුණහොත් මාධ්‍ය වෙත සහ ජනතාව ඉදිරියේ අදාළ රහස් හෙළිදරව් කරන බවටත් විපක්ෂනායකවරයා වෙත ඩයනා ගමගේ මන්ත්‍රීවරිය යවා ඇති ලිපියේ සඳහන්.

පහතින් සඳහන් වන්නේ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත යොමුකර ඇති ලිපියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40