තවත් මහපරිමාණයේ ජාවාරමක් ශ්‍රී ලංකා රේගුවේ දි මාට්ටු

මහපරිමාණයේ රත්‍රං ජාවාරමක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (27) සමත්විය.

ව්‍යාජ ව්‍යාපාර නාමයක් භාවිත කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා මෙම දැවැන්ත රත්‍රං ජාවාරම සිදුකර තිබේ.

මෙහිදී එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා විදුලි උපකරණ යන්ත්‍රවල කොටස් ආනයනය කරන බව පවසමින් සූක්ෂම ලෙස සඟවා රත්‍රං කිලෝ 16ක් ගෙන්වා තිබේ.

මෙම භාණ්ඩවල අභ්‍යන්තර කොටස් රත්‍රංවලින් නිෂ්පාදනය කර එහි සවිකරමින් ගෙන්වීමට කටයුතු කර තිබෙන අතර රේගු නිලධාරීන් පවසන්නේ මෙම සුවිශේෂි වැටලීමක් බවය. 

මෙම රත්‍රංවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 220කට ආසන්න බව වාර්තා වෙයි.

මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42