තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අල්ලයි

ඩුබායිහී සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හබරකඩ කසුන්” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සමීපතමයෙකු වන අයෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ මෙහෙයුම යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පත්කළ විශේෂ පොලිස්‌ කණ්ඩායම් අතුරින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව මෙහෙයුම්වල නිරත මෙම පොලිස් කණ්ඩායමට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා විසින් ලබා දුන් තොරතුරක් මත සැකකරු හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ඩුබායිහි වෙසෙන හබරකඩ කසුන්ගේ දැනුම් දීම මත අදාළ මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියක් භාවිතා කරමින් පනාගොඩ නවගමුව දැඩිගමුව වැලිපිල්ලෑව හෝමාගම මීගොඩ අතුරුගිරිය ආදී ප්‍රදේශවල අදාල තැන්වලට රැගෙන ගොස් භාරදීම් කටයුතු සිදුකරන බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103ක් කේරළ ගංජා ග්‍රෑම් 5ක් හෙරොයින් ග්‍රෑම් 5ක් මත්ද්‍රව්‍ය මිනුම් උපකරණ දෙකක් ජංගම දුරකතන තුනක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය යොදාගත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩි දුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14