spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අල්ලයි

ඩුබායිහී සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හබරකඩ කසුන්” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සමීපතමයෙකු වන අයෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ මෙහෙයුම යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පත්කළ විශේෂ පොලිස්‌ කණ්ඩායම් අතුරින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව මෙහෙයුම්වල නිරත මෙම පොලිස් කණ්ඩායමට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා විසින් ලබා දුන් තොරතුරක් මත සැකකරු හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ඩුබායිහි වෙසෙන හබරකඩ කසුන්ගේ දැනුම් දීම මත අදාළ මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියක් භාවිතා කරමින් පනාගොඩ නවගමුව දැඩිගමුව වැලිපිල්ලෑව හෝමාගම මීගොඩ අතුරුගිරිය ආදී ප්‍රදේශවල අදාල තැන්වලට රැගෙන ගොස් භාරදීම් කටයුතු සිදුකරන බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103ක් කේරළ ගංජා ග්‍රෑම් 5ක් හෙරොයින් ග්‍රෑම් 5ක් මත්ද්‍රව්‍ය මිනුම් උපකරණ දෙකක් ජංගම දුරකතන තුනක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය යොදාගත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩි දුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?