තවත් භාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රියේ සිට ඉවතට

තවත් භාණ්ඩ 328 කට පනවා තිබූ ආනයන සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍ය සියඹලාපිටිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ අනුව දැනටමත් භාණ්ඩ විශාල සංඛ්‍යාවක ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

රජය අවසන් වරට භාණ්ඩ 240කට අධික ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කළේ පසුගිය ජුනි මස 10 වැනිදායි.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ සිට දීර්ඝ කාලීන දැඩි ආනයන සීමා කිරීම්වල කොටසක් ලෙස රජය භාණ්ඩ කිහිපයක් සඳහා තහනමක් පනවනු ලැබුවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන තහනම පසුගිය වසරේ නොවැම්බර් මස තරම් මෑතක් වන තුරුම අඛණ්ඩව පැවති අතර ඉන් පසුවයි භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13