තවත් බස් රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගම්පහ, නැදගමුව ප්‍රදේශයේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උඩුගම්පොල, කටුගොඩ මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා කෙහෙල්බද්දර, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ගම්පහ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.