spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 3ක් භාවිතයෙන් ඉවතට

මෙරට ලංකාවේ නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බවට තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙන්නේ.

කොඇමොක්සික්ලෙව් ඖෂධය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක්.

එය ළමා රෝගවල දී පළමු පෙළ ඖෂධයක් ලෙසටයි භාවිතා කරනු ලබන්නේ.

මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට තහවුරු වී ඇති බව වාර්තා වුණා.

මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ කළුතර ප්‍රදේශයේ සමාගමක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටින් මෙම ඖෂධය ගැන පර්යේෂණ වාර්තාවක් ද ඉල්ලා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?