තවත් පළාතක් ඔමික්‍රොන් ආක්‍රමණය කරයි

මෙරටින් ඊයේ (23) දිනයේදී කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු හඳුනා ගැනුණා.

මෙලෙස අටසීය ඉක්ම වූ දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩ 03 වන දිනටයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හයලක්ෂ 1,048 ක් දක්වා ඉහළ යනවා.

නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනෙකු ද මෙරටින් හඳුනා ගැනුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ජාන විශ්ලේෂණයට භාජනය කළ සාම්පල 78 ක් අතුරෙන් 75 ක් මෙලෙස ඔමික්‍රොන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු බවයි.

ඉතිරි සාම්පල 03 ඩෙල්ටා ආසාදිතයින්ගේ බවට හඳුනාගෙන තිබෙනවා. මෙම සාම්පල මේ මාසයේ පළමු, දෙවන සහ තුන්වන සතිවලදී ප්‍රජාවන් වෙතින් ලබාගත් ඒවා බව ආචාර්ය ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට ප්‍රචාරණය වන ඔමික්‍රොන් අනුප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාත තුළයි.

ඊයේ (23) ප්‍රකාශයට පත් කෙරුණු, නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, වැල්ලම්පිටිය, කොලොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අංගොඩ ප්‍රදේශවලින් සහ පරකඩුව, බදුල්ල, ගාල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින්.

මීට අමතරව මෙරට වැඩි ප්‍රචාරණයක් අනාවරණ වී නොමැති ඔමික්‍රොන් ප්‍රභේදයක් ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයෙකු වෙතින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ තලංගම, කඩුවෙල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින්.

මේ අතර, මෙරටට ගෙන්වා ඇති කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කල් ඉකුත් වීමට පෙර හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ජනතාව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වන බවයි. ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් කළා.

කෙසේ වෙතත්, බූස්ටර් මාත්‍රාව සම්බන්ධයෙන් සමාජයේ පවතින ඍණාත්මක මතයන් ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (23) ප්‍රකාශ කළා.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ උත්සව සමය මෙන්ම පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරය නැරඹීමට සති අන්තයේ ජනතාව විශාල ලෙස කොළඹට පැමිණීම, ඉදිරියේදී මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාමට හේතු විය හැකි බවයි.

මේ අතර, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,284 ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 12 ත් සමගයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36