තවත් නිවසක ගෑස් පිපිරීමක්

තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියෙන් වාර්තාවේ. ඇඹිලිපිටිය කදුරුගස්ආර හංදියේ වෙළද සැලක් පිටුපස ඇති එම වෙළද සැල් හිමියාගේ නිවසේ මුලුතැන්ගෙයි මෙම පිපිරීම සිදුව ඇත.

29 දා සවස මෙම පිපිරීම සිදුව ඇත. ගෙහිමියා වන මොහම්දිරම්ගේ ඉන්දික (43) යන අය කියා සිටියේ සවස්කාලයේ වතුර උණු කිරීම සදහා වතුර තබා තමන් සාලයට පැමිණි බවත් මද වේලාවකින් විශාල ශබ්දයක් ඇසී බලන විට ගෑස් කුකරය පිපිරී ගොස් ගිනිගනිමින් තිබෙන අයුරු තමන්ට දක්නට ලැබුනු බවත් වහාම ඔහු විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කල බවද කීය.

මෙහිදී ගෑස් කුකරය වීදුරු සහිත එකක් බැවින් පිපිරී එහි කොටස් විසිවී තිබෙනු දක්නට හැකි විය. පිපිරීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කිසිවකු සිට නොමැති අතර එබැවින් කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැත.

ශබ්දය ඇසුනු බැවින් තමන් ගින්න නිවූ බව පවසන ගෙහිමියා එසේ නොමැති වූවානම් විශාල අනතුරක් සිදුවිය හැකි බවද පවසයි. මේ සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27