තවත් දින 14 ක් රට වසා තබන්න තවත් ප්‍රබලයෙක් රජයට බලකරයි

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

අද සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශකයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමටනම් රට ලොක්ඩවුන් කරමින් ජනතාවගේ සංචරණය පාලනය කලයුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ .



අපගේ නවතම වීඩියෝ පුවත්