තවත් දරුවෙක් ළිඳකට ඇද වැටෙයි

උතුරු තායිලන්තයේ ගැඹුරු ළිඳකට වැටී සිටි කුඩා දැරියක් බේරාගෙන තිබෙනවා.

මියන්මාර දේශසීමාව ආසන්නයේ ටක් පළාතේ ගම්මානයක ඊයේ පස්වරුවේ සෙල්ලම් කරමින් සිටියදී යි මාස 19ක් වයසැති දැරිය මීටර් 13ක් (අඩි 42) ගැඹුරු ළිඳකට ඇද වැටී ඇත්තේ.

අසල කුඹුරක වැඩ කරමින් සිටි දැරියගේ දෙමාපියන් සිදුවීම දැනගැනීමෙන් පසු කළ දැනුවත් කිරීමෙන් අනතුරුව බලධාරීන් දැරිය බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

බේරාගත් දැරිය සුළු තුවාල ලබා ඇති අතර ඇය රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මියන්මාර සංක්‍රමණිකයන් දෙදෙනකුගේ දියණියක යැයි කියනු ලබන කුඩා දැරිය සෙන්ටිමීටර 30ක් (අඟල් 12)ක් පමණ පළල ළිං කුහරයෙන් ඇද වැටී තිබුණා.

බිළිඳාගේ දෙමාපියන් පැවසුවේ ඔවුන් ඇයව ගොවිපලක වැඩ කිරීමට රැගෙන ගොස් වැඩ කරන අතරතුර ඇයව ගසක් යට තබා තිබූ බවයි.

නමුත් විවේක කාලයේදී දරුවා සොයා ගැනීමට නොහැකි වීමත් සමඟ කළ සොයා බැලීමේදී අසල ළිඳකින් හඬා වැටෙන හඬ ඇසී තිබුණා.

අනතුරුවයි දෙමව්පියන් බලධාරීන් දැනුවත් කර ඇත්තේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් කැණීම් යන්ත්‍රයක් භාවිතයෙන් රාත්‍රිය පුරා කැණීම් ආරම්භ කළ අතර, ඔවුන් ළිං පතුළට යාබදව මීටර් 10ක් පමණ ගැඹුරු වළක් හාරා තිබෙනවා.

දරුවාට හුස්ම ගැනීමට හැකි වන පරිදි ළිඳට ඔක්සිජන් ද පොම්ප කළ බවයි සඳහන් වන්නේ.

දිගින් දිගටම කැණීම් යන්ත්‍රය භාවිතා කළහොත් ළිඳ කඩා වැටී දරුවාට හානියක් විය හැකි බවට අවදානමක් මතුවීම හේතුවෙන් සවල භාවිතා කර අවසාන මීටර් කිහිපයේ පස් ඉවත් කිරීම සිදු කර තිබෙනවා.

අවසානයේ දැරිය ළිඳෙන් ගොඩ ගැනීමෙන් පසුව රැස්ව සිටි ගලවා ගැනීමේ සේවකයින්ගෙන් ප්‍රීති ඝෝෂා නගා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29