තවත් ගමකට ඇතුළුවීම හා පිටවීම තහනම් – කොවිඩ් අතරේ ගැටුම් ඇති වූ ගමකට සිදු වූ දේ

කෑගල්ල සියඹලාපිටිය ප්‍රදේශයට පුද්ගලයින්ට ඇතුළුවීම හා පිටවීම තහනම් කර තිබෙනවා.

ඒ PCR පරීක්ෂණ සිදු කිරීමට යාමේදී ඇතිවූ ගැටුම් සහගත තත්ත්වයක් හේතුවෙන්.

ඒ අනුව එම PCR පරීක්ෂණ අතර මග නතර කිරීමට ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කෑගල්ල පොදු වෙළඳපොළේ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී මියගොස් තිබෙන අතර එබැවින් ආශ්‍රිතයින්ගේ PCR කිරීමට සෞඛ්‍ය අංශ යොමු වුණා.

මේ පිළිබඳ පොලිසිය සහ සෞඛ්‍ය අංශ සාකච්ඡා කර එම ගමට පිවිසීමේ සහ පිට වීමේ මාර්ග අවහිර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්