තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු අඟවයි

මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටිනවා.

තවත් කොවිඩ් රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා සීමාකිරීම් සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින් පෙර පැවති සෑම අවස්ථාවකට වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ.

නැවත කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ 4ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කර ඇත.

ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරීම් දැඩි ලෙස බලකාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, එම නිර්දේශයන්වලට ඇතුළත්.

ඊට අමතරව අධි ව්‍යාප්තවීම් තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම අදාළ නිර්දේශවලට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00
Video thumbnail
මහින්දට කට උත්තර නැතිවෙන්න චාමර දුන්න උත්තරය - උඹලයි අපියි තමයි මහින්දව 2005 ජනපති කළේ ?
01:39
Video thumbnail
චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46