තවත් කොව්ඩ් නීතියක් ඉවත් කිරීමට පියවර

මෙරටට පැමිණෙන විදේශිකයින්ට කොවිඩ් ප්‍රතිකාර සඳහා අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ඒ සම්බන්ධයෙන් වන ලිඛිතව දැනුම් දීම විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සිදුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර ගෘහස්ථ ස්ථානවල සහ එළිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශය පසුගිය 10 වනදා සිට අත්හිටුවීමට පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්