තවත් කැප කිරීම් කරන්න බෑ.. සැප වාහන ඕනෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස වැස්සට තෙමෙන බවත් ජල කරාම ලීක් වෙන බවත් ඉතා අබලන් තත්ත්වයක පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

දුර බැහැර මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මාසයකට කිහිප වතාවක් කොළඹ යන එන බවද ඔහු පැවසීය.

එනිසා යම් සුඛෝපයෝගී වාහනයක් ඉල්ලූ බවද පැවසූ මන්ත්‍රීවරයා වසරක් තිස්සේ දීමනා නොගෙන යම් කැපකිරීමක් කළ බවත් සඳහන් කළේය.

තවත් දුරටත් කැපකිරීම් කළ නොහැකි බවද පැවසූ ඔහු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන සොච්චම් වැටුපෙන් මහජන නියෝජිතයකුගේ සියලු කාර්ය්‍යන් කළ නොහැකි බවද කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20