තවත් අපරාධකරුවන් 836ක් යුක්තියට මාට්ටු

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 836ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 579ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 257ක් ඊට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 579 දෙනා අතරින් සැකකරුවන් 06කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු එක් පුද්ගලයෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 18ක් ද ඒ අතර වනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 257දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 219 ක්ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03ක් සහ අපරාධවලට අවශ්‍යකර සිටි සැකකරුවන් 09ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් වලදී හෙරොයින් ග්‍රෑම් 142ක්, අයිස් ග්‍රෑම් 95ක්, ගංජා කිලෝ 01යි ග්‍රෑම් 400ක්, ගංජා පැල 826,847ක්, ඈෂ් ග්‍රෑම් 105ක්, මාවා ග්‍රෑම් 93ක් සහ මත්පෙති 1,650ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15