තවත් අති භයානක කොවිඩ් වෛරස ප්‍රභේදයක්.. ආසාදිතයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මියයාමේ අවදානමක්

කොරෝනා වෛරසයේ තවත් නවතම ප්‍රභේදයක් පිළිබඳව චීන විද්‍යඥයින් පිරිසක් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

මෙම වෛරස් ප්‍රභේදය මිනිසා අතර සම්ප්‍රේෂණය වුවහොත් එය ආසාදිතවන පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මියයාමේ අවදානමක් පවතින බව ද විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
දකුණු අප්‍රිකාවේ වවුල් විශේෂයක් ආශ්‍රිතව හඳුනාගෙන ඇති මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය නියෝකොව් ලෙස නම් කර ඇති බවයි මේ පිළිබඳ තොරතුරු හෙළිදරව් කරමින් චීනයේ වුහාන් විශ්වවිද්‍යාලයේ සහ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යඥයින් දැනුම් දී ඇත්තේ.

වර්තමානය වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙන සියලු කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා ඉතා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් මෙම නියොකොව් ප්‍රභේදය වඩාත් මාරාන්තික වීම ඉතා අවදානම් තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.

මෙම වෛරසය ආසාදනය වූ මිනිසුන් පිළිබඳව තවමත් නිශ්චිතවම තොරතුරු අනාවරණය නොවන බැවින් නියොකොව් ප්‍රභේදය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි ලෝක සෞඛය සංවිධානය ද දැනුම් දී ඇත්තේ.

මීට පෙර 2012 වසරේ දී මැදපෙරදිග කලාපය ආශ්‍රිතව දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල කල මර්ස් වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන මෙම නියොකොව් ප්‍රභේදය ද යම් හෙයකිනි සිව්වැනි රැල්ලක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වුවහොත් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය බරපතල බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47