තලේබාන් සංවිධානය සමඟ රහසිගත සබඳතා පාකිස්ථානයේ පසුබෑමට හේතු වූ හැටි

2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය යළි අත්පත් කර ගැනීමෙන් සති දෙකකට පමණ පසු, එවක පාකිස්ථාන ඔත්තු ඒජන්සියේ ප්‍රධානියා කාබුල්හි සුඛෝපභෝගී හෝටලයකට පැමිණ, තේ තොලගාමින් සැහැල්ලුවෙන් පෙනී සිටියේ සටන්කාමීන් නැවත බලයට පත්වීමත් සමඟ ය.

එමගින් පෙන්නුම් කළේ අන්තර්-සේවා බුද්ධි අංශයේ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදාවන්ට එරෙහි සටනේදී තලෙයිබාන් සංවිධානයට රහසිගතව සහය දීමේ ඵල නෙලා ගැනීමට සූදානම්ව සිටි බවයි.

එහෙත් වසර දෙකකට පමණ පසු, තලේබාන් සහ පකිස්ථානය  අතර සබඳතා පළුදු වී තිබෙන අතර ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් සටන්කාමීන් පාකිස්ථානයේ සිදුකරන ත්‍රස්තවාදී ප්‍රහාර ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් තලේබාන් නායකයින් පාකිස්ථානයේ  විරුද්ධවාදීන් වන ඉන්දියාව සමඟ සබඳතා ඇති කර ගැනීමට පවා උත්සාහ කරනු දැකිය හැකියි.

ඉන්දියාවේ ඇෆ්ගනිස්ථාන තානාපති ෆරීඩ් මාමුන්ඩ්සායිට අනුව පකිස්ථානය තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් “විශිෂ්ට” අයුරින් වැරදි ගණනය කිරීමක් සිදු කර  තිබෙනවා.

ඔහු තලේබාන් සංවිධානයට නියෝජනය නොකරන අතර ඒ සඳහා අනුබල දීමක්ද සිදු කරන්නේ නැහැ.

ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් විසින් 2018 වසරේ සිට පසුගිය වසර දක්වාම  පකිස්ථාන භූමියේ සටන්කාමී ප්‍රහාරයන් රැසක් දියත් කර තිබුණා.මෙම ජනවාරියේදී, වයඹදිග පෙෂාවර් නගරයේ ඔවුන් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එය එහි ඉතිහාසයේ මාරාන්තික ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් හෝ වෙනත් සටන්කාමී සංවිධානයක් විසින් වගකීම බාර නොගත් , මැයි 24 වන දින මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් ද  පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගියා.

මේ පිළිබඳව විශ්ලේෂණය කරන පිරිස් පවසන්නේ සමහර ප්‍රධාන තලේබාන් සාමාජිකයින්ට අවශ්‍ය වී ඇත්තේ ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් කණ්ඩායම පකිස්ථානයෙන් ඈත් වී තම ස්වාධීනත්වය පෙන්වීමට බවයි.2010 දී එක්සත් ජනපදය සමඟ පැවති යුද්ධයේදී අල්ලා ගෙන වසර ගණනාවක් පකිස්ථාන සිරගෙදරක ගත කළ ඇෆ්ගනිස්ථානයේ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අගමැති Mullah Abdul Ghani Baradar සහ ආරක්ෂක අමාත්‍ය සහ තලේබාන් නිර්මාතෘ මුල්ලා මොහොමඩ් ඕමාර්ගේ පුත් මුල්ලා මොහොමඩ් යාකොබ් ඔවුන් අතරින් අයෙක්.

තලේබාන් හමුදා පුහුණු කරන ලෙස ඉන්දීය ආන්ඩුවට බල කිරීම ඇතුලුව, ඉන්දියාව සමග සබඳතා ගොඩනගා ගැනීමට යාකොබ් ප්‍රසිද්ධියේ ප්‍රයත්නයන් දරා තිබුණා.පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් කණ්ඩායම කියා සිටියේ තමන් පකිස්ථාන හමුදාවට එරෙහිව “පූජනීය යුද්ධයක්” දියත් කළ බවයි.මෙම යුද්ධයට බාධාවක් නොවන ලෙස දේශපාලනඥයින් සහ අනෙකුත් අයගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10