තලේබාන් සංවිධානයෙන් මතබේධාත්මක දැඩි තීරණයක්

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කර තිබෙනවා.

මෙම තීරණය, රටේ තරුණ තරුණියන් අතර මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි හෙලාදැකීමකට ලක්වන අතර සරසවි අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇෆ්ගනිස්ථාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා මෙම තීරණය නිවේදනය කළේ එය වහාම ක්‍රියාත්මක වන බව පවසමින්.

මෙම තහනම මගින් තවදුරටත් කාන්තා අධ්‍යාපනය සීමා කරන අතර පසුගිය වසරේ තලේබාන්වරුන් බලයට පැමිණි දින සිට ගැහැණු ළමයින් දැනටමත් ද්විතීයික පාසල්වලින් බැහැර කර තිබෙනවා.

මෙම තීරණයට විරුද්ධව ඇතැම් කාන්තාවන් කාබුල් අගනුවර විරෝධතා ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එම කුඩා පෙළපාලි තලේබාන් සංවිධාන නිලධාරීන් විසින් විසුරුවාහැර ඇතැයි සඳහන්.

ගැහැණු ළමයින්ට විධිමත් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි වූ තලේබාන් පාලනයේ පළමු යුගයට ඇෆ්ගනිස්ථානය ගෙන යන නියෝගය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්ථාන විශේෂ නියෝජිතයා පැවසුවේ මෙම පියවර සම අධ්‍යාපනය සඳහා ඇති අයිතිය තවදුරටත් උල්ලංඝණය කිරීමක් මෙන්ම ඇෆ්ගනිස්ථාන සමාජයෙන් කාන්තාවන් ඉවත් කිරීමේ පහත් තත්වයක් බවයි.

මේ අතර තලේබාන් සංවිධානයේ මෙම පියවර මගින් එම සංවිධානයට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා.

“ඇෆ්ගනිස්ථානය සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරන තුරු තලේබාන් සංවිධානයට ජාත්‍යන්තර ප්‍රජාවේ නීත්‍යානුකූල සාමාජිකයෙකු වීමට අපේක්ෂා කළ නොහැක” යනුවෙන් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ශිෂ්‍යාවන් තම දුක් වේදනා ගැන විදෙස් මාධ්‍ය වෙත ද පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ රජය ලෙස නිල වශයෙන් පිළිගැනීමට අවශ්‍ය නම් කාන්තා අධ්‍යාපනය ඉහළ නංවන ලෙස බටහිර රටවල් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30