තලේබාන්වරුන්ට ආරක්ෂිත තෝතැන්නක් වූ පකිස්ථානයෙන්ම තර්ජන – රහසිගත පණිවුඩයකින් හෙළිවෙයි

2000 වසරේ සිට 2021 වසර දක්වා තලේබාන් සංවිධානය විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස සැලකූ පකිස්ථානයෙන් තමන්ට තර්ජනයක් පවතින බව ප්‍රථම වරට වාර්තා කර ඇතැයි ස්වාධීන මාධ්‍යවේදියකු වන බිලාල් සර්වාරි අභ්‍යන්තර සංදේශයක් උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් ඔස්සේ සර්වාරි සඳහන් කර තිබුණේ තලේබාන්වරුන්ගේ එදිරිවාදී කණ්ඩායමක් වන ISKP ලෙසින් හඳුන්වනු ලබන සටන්කාමී සංවිධානය පකිස්ථානයේ ගෝත්‍රික ප්‍රදේශයක පවත්වාගෙන යන පුහුණු කඳවුරක් ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් වෙත ගෙනයෑම සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇතැයි රහසිගතව පිට වූ තලේබාන් අභ්‍යන්තර සංදේශයක් මගින් හෙළි වන බවයි.

ඔවුන්ගේ ආරක්ෂිත තෝතැන්නක් බවට පත්ව තිබූ පාකිස්ථානයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය වාර්තා කර ඇත්තේ පළමු වරට බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව තලේබාන් සංවිධානය සහ පකිස්ථානය අතර සබඳතාව මේ වන විට මතභේදාත්මක මාවතට ගමන් කරමින් තිබෙනවා.

ආරම්භයේ සිටම දේශසීමා ත‍්‍රස්තවාදයට රාජ්‍ය අනුග‍්‍රහය දැක්වූ පකිස්ථානය අතීතයේ දී ඇෆ්ගන් තලේබාන් සංවිධානයට පවා ප‍්‍රශංසා කළ ද මේ වන විට ඔවුන් එහි ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටින බවයි දකුණු ආසියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංසදය පවසන්නේ.

2021 අගෝස්තු මාසයේදී තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගත් විට, එවක පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇෆ්ගන් තලේබාන් සංවිධානයට ප්‍රශංසා කළේ එය “වහල්භාවයේ විලංගු” බිඳ දැමූ බව පවසමින්.

සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ කාබුල්හි පාලනය තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීමෙන් පසු, පාකිස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සියයට 50කින් ඉහළ ගොස් ඇති බවයි .

ඉන් බහුතරය ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ සහාය ඇතිව පාකිස්ථාන තලේබාන්වරුන් විසින් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ පකිස්ථාන තලේබාන් කණ්ඩායම් සහ පාකිස්ථාන පාලනය අතර පැවැත්වෙමින් තිබූ සාම සාකච්ඡා ද අවලංගු වී ඇති පසුබිමකයි.

දකුණු ආසියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංසදයේ පර්යේෂණ අධ්‍යක්ෂ සීග්ෆ්රයිඩ් ඕ වුල්ෆ් පවසන්නේ පාකිස්ථානය මේ වන විට මුහුණ දෙමින් සිටින ත්‍රස්තවාදය ඉම්රාන් ඛාන් රජයේ ප්‍රතිඵලයක් නොව,1947 සිට පැවති මිලිටරි සහ සිවිල් නායකත්වයේ ප්‍රතිපත්තිමය වැරදි වල ප්‍රතිඵලයක් බවයි.

පකිස්ථානයට ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් පුළුල් ප්‍රතිපත්තියක් නොතිබීමත් ඔවුන් උපකාර කරන තලේබාන්වරුන් සදාකාලිකවම ඔවුන්ට කෘතඥ වනු ඇති බවට උපකල්පනය කිරීමත් මෙම තත්ත්වයට තවත් හේතුවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01