තලෙබාන්වරු තවත් විනාශයකට සැරසෙති

අග්‍රගණ්‍ය ඉතිහාසයක සංකේත වූ ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදුපිළිම ලෝකයට අහිමිකර මේ වනවිට වසර 20ක් ගෙවී අවසන්ය.

එම විනාශය සිදුකළ තලෙබාන් සංවිධානය එම ප්‍රතිමා වටා ඇති ප්‍රතිමාඝර ද පුපුරවා හැරීමට මේ වනවිට සැලසුම් කරමින් සිටින බව විදෙස් පුවත් සේවයක් අද හෙළිදරව්වක් කර තිබුණි.

තලෙබාන් සංවිධානය 2001 මාර්තු මාසයේදී බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේ ලොවක් කම්පනයට පත් කරමිනි.

ඊට අණ දුන්නේ එම සංවිධානයේ එවක නායක මුල්ලා මොහොමඩ් ඕමාර් ය.

6 වෙනි සියවසට අයත් සුවිශේෂී ලෝක උරුමයක් වූ එම ප්‍රතිමා විනාශ කිරීම ලොව පුරා හැඳින්වුණේ ඉස්ලාමීය අන්තවාදීන් මානව වර්ගයාට එරෙහිව කළ අපරාධයක් ලෙසය.

විසි වසරකට පසු යළිත් බාමියන් බුද්ධ ප්‍රතිමා විදෙස් මාධ්‍ය අතර මාතෘකාවක් වී තිබෙන්නේ මෙම අලුත්ම පුවතත් සමගය.

ඒ යළි එරට පාලන බලය අල්ලාගත් තලෙබාන් සංවිධානය එම ප්‍රතිමා වටා ඇති ප්‍රතිමාඝර ද පුපුරවා හැරීමට සැලසුම් කර ඇතැයි හෙළිවීමත් සමගිනි.

මෙම අනාවරණය සිදු කළේ ජර්මනියේ DW පුවත් සේවයයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ ප්‍රතිමාඝර ආශ්‍රිතව මේ වනවිට කැණීම් සිදුකර ඇති අතර කොයි මොහොතක හෝ ඔවුන් ඒවා පුපුරවා හරිනු ඇති බවය.

බාමියන් බුදුපිළිම නටඹුන් හා ප්‍රතිමාඝර ආශ්‍රිතව තලෙබාන් සංවිධානය මෑතකදී සිය යුද පුහුණුවීම් සිදුකරන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය නිකුත් කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්තාන තානාපති අෂ්රෆ් හයිදාරි මහතා අද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඔහු පවසන්නේ හේග් සම්මුතිය යටතේ මෙම උරුමයන්ට ජාත්‍යන්තර ආරක්ෂාව ලබාදීමට වහාම පියවර ගතයුතු බවය.

තලෙබාන් නායකත්වය සමග ඉදිරි සාකච්ඡාවලදී බුද්ධ ප්‍රතිමාවල ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් බාමියන් බුද්ධ ප්‍රතිමාඝර විනාශ කිරීමට සැලසුම් කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තලෙබාන් සංවිධානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26