තලාවේ මාරක අනතුරක් – තරුණයින් දෙදෙනෙක් මරුට (වීඩියෝ /ඡායාරූප)

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිට දී අද (23) අලුයම සිදු වූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් වන අතර, තුවාල ලබා ඇත්තේ ද ත්‍රිරෝද රථයේ සිටි තවත් තරුණයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මියගිය තරුණයින් දෙදෙනා එප්පාවල, මැඩියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක සහ 19 යන වයස්වල පසුවන දෙදෙනෙක්.

මෙම තරුණයින් පිරිස ඊයේ (22) රාත්‍රියේ අනුරාධපුර පැවැත්වෙන පොසොන් සැණකෙළියට සහභාගී වී යළිත් නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

රත්නපුර ප්‍රදේශයේ සිට යාපනයට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයක අනුරාධපුර දෙස සිට තලාව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ධාවනය වී බස් රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට බස් රථයේ රියදුරු සහ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

2 4
3 1
4 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44