spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තල්දූවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 3ක් වෙයි

පසුගිය සැප්තැම්බර් මස 20 වනදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ යනු ඇති.

ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්වූ අතර තුවාල ලැබූ අයෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසු වූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමටයි පියවර ගෙන තිබුණේ.

ඒ අනුව මාස 3ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මියගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?