spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරු පහේ හෝටලයකදී සේවිකාවකට අතවර කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කොළඹ තරුපහේ හෝටලයකදී තම ආයතනයේ සේවිකාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

යුරෝපීය ශිෂ්‍ය වීසා සැකසීමේ සමාගමක හිමිකරු වන මෙම ව්‍යාපාරිකයා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වින්දිත තරුණියට තරුපහේ හෝටලයේ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වන ලෙස ව්‍යාපාරිකයා උපදෙස් දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඇය හෝටලයට පැමිණි පසු, එම පුද්ගලයා වෙන් කර ඇති රැස්වීම් කාමරය තුළදී ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණිය ව්‍යාපාරිකයාට එරෙහිව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති අතර, පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ව්‍යාපාරිකය ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණිය තමන් බැලීමට කැමැත්තෙන් පැමිණි බවයි.

සිද්ධියට මුහුණ දුන් තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
20
+1
5
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?