තරු පහේ හෝටලයකදී සේවිකාවකට අතවර කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කොළඹ තරුපහේ හෝටලයකදී තම ආයතනයේ සේවිකාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

යුරෝපීය ශිෂ්‍ය වීසා සැකසීමේ සමාගමක හිමිකරු වන මෙම ව්‍යාපාරිකයා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වින්දිත තරුණියට තරුපහේ හෝටලයේ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වන ලෙස ව්‍යාපාරිකයා උපදෙස් දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඇය හෝටලයට පැමිණි පසු, එම පුද්ගලයා වෙන් කර ඇති රැස්වීම් කාමරය තුළදී ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණිය ව්‍යාපාරිකයාට එරෙහිව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති අතර, පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ව්‍යාපාරිකය ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණිය තමන් බැලීමට කැමැත්තෙන් පැමිණි බවයි.

සිද්ධියට මුහුණ දුන් තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14