spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුෂි කරුණාරත්නට රන් පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න අද සමත්වුණා.

තරුෂි කරුණාරත්න තරඟය අවසන් කිරීමට ගත කළ කාලය විනාඩි 2:03.20කි.

මෙම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට හිමිවූ අතර ලෝකඩ පදක්කම චීනයට හිමි වුණා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමක් දිනාගෙන ඇත්තේ වසර 21කට පසුව වීම විශේෂත්වයක්.

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර රන් පදක්කමක් ජයග්‍රහණය කර තිබුණේ දමයන්ති දර්ශා විසින්. ඒ 2002 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
0
+1
16
+1
1
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?