තරුෂි කරුණාරත්නට ඉඩමක්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් එස්.ඩී නාගහතැන්න මහත්මියට උපදෙස් ලබාදී තිබෙනවා.

කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (06) කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී යි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව නිසැකවම ඔලිම්පික් පදක්කමක් ලබාගත හැකි ඉතා දක්ෂ පාසල් ක්‍රීඩිකාවක් බවයි. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ ළාබාලම ක්‍රිඩිකාව ලෙස තරග කරමින් වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකරදීමට සමත් වූ ඇය වලල ඒ රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ආසියානු මළල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා ගත් පළමු පාසල් ක්‍රීඩිකාව බව ද ප්‍රකාශ කෙරුණා.

අද පැවැති කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පසුගිය කාල සීමාවේදී සිදුකරන ලද සංවර්ධන වැඩසටහන්වල සහ ආයතනවල ප්‍රගතිය විමසා බැලීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් වූ ලිපි සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රගතිය විමසා බැලීම මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16