තරුණ යුවළක් ලොරි රථයකට යට වී තරුණිය ජීවිතක්ෂයට

මාළු මිලදී ගනිමින් සිටි තරුණ යුවළක් ලොරි රථයකට යට වී තරුණියක් මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

තරුණිය සමඟ සිටි ඇයගේ පෙම්වතා ද බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (23) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක්.

මොවුන් දෙදෙනා ඊයේ (23) රාත්‍රියේ කළුතර සිට මතුගම දෙසට යතුරුපැදියකින් යමින් සිටිය දී ගල්අස්හේන හංදියෙන් නවතා මාළු මිලදී ගනිමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයක් ඔවුන්ගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තරුණිය මියගොස් තිබෙනවා.

බරපතළ තත්ත්වයේ සිටින තරුණයා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06