තරුණ මුස්ලිම් සංගමයේ වාර්ෂික සමුළුව අගමැතිනියගේ සහභාගීත්වයෙන්

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ (YMMA) 75 වන වාර්ෂික සමුළුවට ඊයේ (20) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගීවීත්වයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවැත්වුණා.

පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර පුණ්‍යායතන සංවිධානයක් ලෙස පිළිගත් YMMA සංගමය සමාජ සුභසාධනය සහ ප්‍රජා සංවර්ධනයේ කුළුණක් බවට පත්ව ඇති අතර අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් විසින් මෙම සංගමය ආරම්භ කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපනය, තරුණ සංවර්ධනය, ආපදා සහන සැලසීම, අවශ්‍යතා ඇති කාන්තාවන් සහ පවුල් බලගැන්වීම සහ ප්‍රජා සුභසාධනය මූලික කර ගනිමින් මෙම සංගමය දහස් ගණනක පුද්ගලයින් සහ ප්‍රජාවන්ට සහාය වී ඇති බවත් තරුණ කාන්තා මුස්ලිම් සංගමයේ (YWMA) ‘කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ සහ ‘පාසලට ආපසු යාමේ වැඩසටහන’ වැනි මුලපිරීම් හරහා මුස්ලිම් කාන්තාවන්ට සහාය වීමට YMMA සංගමය මඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම ඉතාමත් ප්‍රශංසනීය බව පවසා සිටියා.

එමෙන්ම වගකිවයුතු සහ දක්ෂ තරුණ පුරවැසියන් සංවර්ධනය කිරීම සඳහා YMMA සංගමය මඟින් ලබා දෙන අඛණ්ඩ කැපවීම අගය කළ අග්‍රාමාත්‍යවරිය, සමානාත්මතාවය, අවබෝධය සහ සමාන අවස්ථා මත පදනම් වූ සමාජයක් අපට ගොඩනගා ගත හැකි වන්නේ මෙම උත්සාහයන් තුළින්, යැයි වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18