spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණ තරුණියන් හට සුබ පණිවිඩයක්

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී යි.

තරුණ තරුණියන්ට නිසි පුහුණුව සමගින් ඉහළ වැටුප් ඉපයිය හැකි රැකියා අවස්ථා නිර්මාණය කරගැනීමේ අරමුණිනුයි මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ.

මෙම ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය මැදිහත් ව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයත්, බවර්ස් (Baurs) ව්‍යාපාරික ආයතනයත් එකතු වී අත්සන් තැබූ අතර, අවබෝධතා ගිවිසුම අනුව රටෙහි හෝටල් කර්මාන්තය සඳහා තරුණ තරුණියන් වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමට පුහුණුවීම්හි වියදම දැරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
 
වෘත්තීමය අංශයෙන් රටේ තරුණ තරුණියන් ශක්තිමත් කිරීමේ අභියෝගයන්හි එක් ජයග්‍රාහී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ.

ඒ සඳහා විශාල අත්වැලක්, ශක්තියක් මෙම අවබෝධතා ගිවිසුම හරහා රටට ලැබී තිබෙනවා.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්තයේ පළමු ලේකම් ඩොරිස් මැනෝර්, බවර්ස් සමාගමේ (Baurs) කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි රොල්ෆ් බ්ලාසර්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක, එහි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක් ව සිටියා.

WhatsApp Image 2023 10 18 at 14.29.44 3
WhatsApp Image 2023 10 18 at 14.29.47 1
WhatsApp Image 2023 10 18 at 14.29.46 3
WhatsApp Image 2023 10 18 at 14.29.48 1 1
WhatsApp Image 2023 10 18 at 14.29.46 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?