තරුණ තරුණියන් හට සුබ පණිවිඩයක්

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී යි.

තරුණ තරුණියන්ට නිසි පුහුණුව සමගින් ඉහළ වැටුප් ඉපයිය හැකි රැකියා අවස්ථා නිර්මාණය කරගැනීමේ අරමුණිනුයි මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ.

මෙම ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය මැදිහත් ව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයත්, බවර්ස් (Baurs) ව්‍යාපාරික ආයතනයත් එකතු වී අත්සන් තැබූ අතර, අවබෝධතා ගිවිසුම අනුව රටෙහි හෝටල් කර්මාන්තය සඳහා තරුණ තරුණියන් වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමට පුහුණුවීම්හි වියදම දැරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
 
වෘත්තීමය අංශයෙන් රටේ තරුණ තරුණියන් ශක්තිමත් කිරීමේ අභියෝගයන්හි එක් ජයග්‍රාහී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ.

ඒ සඳහා විශාල අත්වැලක්, ශක්තියක් මෙම අවබෝධතා ගිවිසුම හරහා රටට ලැබී තිබෙනවා.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්තයේ පළමු ලේකම් ඩොරිස් මැනෝර්, බවර්ස් සමාගමේ (Baurs) කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි රොල්ෆ් බ්ලාසර්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක, එහි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක් ව සිටියා.

WhatsApp Image 2023 10 18 at 14.29.44 3
WhatsApp Image 2023 10 18 at 14.29.47 1
WhatsApp Image 2023 10 18 at 14.29.46 3
WhatsApp Image 2023 10 18 at 14.29.48 1 1
WhatsApp Image 2023 10 18 at 14.29.46 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03