spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණ ජීවිතයක් අහිමි කළ මාරක වේගය (ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව, ගැටලාව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකි අසල තිබූ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ රාජාංගණය, දකුණු ඉවුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසු වූයතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

1 6
2 5
3 3
4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?