තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ඇරඹෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙල අද (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර ප්‍රදේශවල දී ආරම්භ කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් මෙම වැඩ සටහන ඇරඹුණු අතර, වගා කටයුතු පුළුල් කිරීම සඳහා කොඩිගහවැව හා සාමගුලිය 01 හා 02ක යන වැව් තුන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබුවා.

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම වැඩසටහන යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 115ක්.

වසර ගණනාවක් තිස්සේ කිසිඳු ප්‍රතිසංස්කරණයකට ලක් නොවු මෙම වැව් තුන මඟින් තරුණ ප්‍රතිලාභීන් 150කට වගා කටයුතු සදහා අවස්ථාව සැළසෙනවා.

ඔවුන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික උපකරණ ද ලබාදෙන අතර, මෙම වැව් තුන ආශ්‍රිතව ඉඩම්වල ආරක්ෂිත දැල් සහිත වගා ගෘහ, බිංදු ජල තාක්ෂණික උපකරණ මෙන්ම වගාවට අවශ්‍ය බීජ හා පොහොර ද ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩ පිළිවෙළ යටතේ තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ඉදිරි සියලු කෘෂිකර්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.

දැනට කෘෂිකර්මාන්තය තුළ වැඩිහිටි ප්‍රජාව පමණක් කටයුතු කරන අතර, තරුණ ප්‍රජාව ඊට ආකර්ශණය කරගත හැකි වැඩ පිළිවෙළක් නොතිබීම බරපතල ගැටළුවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වුව ද අමරවිරු පියමග වැඩ පිළිවෙළ ඔස්සේ මෙම වැව් ප්‍රතිසංස්කරණය මගින් තරුණ පිරිස වගාව සඳහා ආකර්ශණය කරගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46