තරුණිය පැදවූ යතුරුපැදියේ ගැටී පුද්ගලයෙක් මිය ගිහින්

තරුණියක් පැදවූ යතුරුපැදියක පුද්ගලයෙක් ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොළොන්නරුව, සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ පලුගස් දමන ප්‍රදේශයේ දී ඊයේ (08) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොළොන්නරුව පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජිවිත්ශයට පත්ව ඇත්තේ 70 හැවිරිදි වියේ පසු වූ අයෙක්වන අතර, තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි තරුණිය මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්