spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණියකගේ ජංගම දුරකථනය පැහැරගත් තරුණයෙක්ට ගුටි පූජාවක්

තරුණියකගේ අතෙහි තිබූ ජංගම දුරකථනයක් පැහැරගෙන පලාගිය තරුණයෙකු අල්ලා නුවරඑළිය පොලිසියට භාරදීමට ඊයේ (16) පිරිසක් කටයුතු කර තිබෙනවා.

නුවරඑළිය බස් නැවතුම්පොළ පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේ ගමන් ගත් තරුණියකගේ රුපියල් 40,000ක් පමණ වටිනා ජංගම දුරකථනය පැහැරගෙන අදාළ පුද්ගලයා පලා යෑමටයි උත්සාහ කර ඇත්තේ.

එහිදී තරුණිය කෑ ගසා ඇති අතර, ඒ අවට සිටි පිරිසක් විසින් සැකකරුව හඹාගෙන ගොස් අල්ලා පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ඔහු පොලිසියට භාරදීමට කටයුතු කර ඇති අතර, මෙම පුද්ගලයා නුවරඑළිය, කලුකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක තැනැත්තෙක්.

සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?